
ශාලිකා නවෝදනී නම් වන ඇය පවසන පරිදි පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ඇය ශාස්ත්‍රවේදී බාහිර උපාධිය ලබාඇත්තේ 2013 වසරේදීය. එතෙක් මෙතෙක් රුකියාවලට යොමුකළ ඉල්ලුම්පත් සංඛ්‍යාව නිමක් නැත. අවසානයේ රජයේ රුකියාවක් අපේක්ෂාවෙන් ආයතන රුසකට ඉල්ලුම්පත් යවා රුකියාවක් නොලැබුණු මෙරට උගත් තරැණ තරැණියන් ගොන්නට ශාලිකා නවෝදනීද එක්වූවාය.
අසරණ කම්කරැ පවුලක උපන් ඇය ගලහ පුෂ්පදාන විද්‍යාලයෙන් පහ වසර තෙක් ඉගෙනුම ලබා පසුව දෙල්තොට කරගස්කඩ මහ විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරැවාය. 2013 වසරේදී ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගෙන රුකියා රුසක් සඳහා ඉල්ලුම්පත්‍ර යැව්වද ඇය ඉල්ලුම්පත් යැවූ එකම ආයතනයකින් හෝ ඇයට කැඳවීමක් නොලැබිණි.
දිනෙන් දින තරැණ වයස ඉක්ම යන්නට පෙර ඇය විවාහ දිවියට ඇතුළත් වූයේ තම ගම් ප්‍රදේශයේ පදිංචි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් ව සිටි රංජිත් ප්‍රියශාන්ත ජයවිර මහතා සමඟය.
ජීවත්වන්නට ස්ථිර රුකියාවක් දෙදෙනාටම නොමැති වුවද ඔවුන්ගේ ධෛර්ය සහ ආත්ම විශ්වාසය නිසාම සත්ව පාලන ස්වයං රුකියාවකට යොමු වන්නට දෙදෙනාටම හැකිවිය.
තමන් ලබාගත් උපාධියට සරිලන රුකියාවක් අපේක්ෂාවෙන් ග්‍රාම නිලධාරි බඳවා ගැනීමේ තරග විභාගයට මෙන්ම මධ්‍යම පළාතේ උපාධිධාරි ගුරැවරැන් බඳවා ගැනීමේ විභාගයටද ඉල්ලුම්පත්‍ර යැව්වද එවාට කිසිදු කැඳවීමක් හෝ නොලැබීම සම්බන්ධයෙන් ඇති දැඩි කණස්සල්ලට පත්ව සිටි.
රුකියාවක් නොමැතිව ඉතා දුක්බර ජීවිතයක් ගතකරන උපාධියක් හිමිකරගත් තමාට සුදුසු රජයේ රුකියාවක් ලබාදෙන ලෙස ඇය අවස්ථා ගණනාවකදි රාජ්‍ය බලධාරින් දැනුම්වත් කර ඇතත් ඇයට රුකියාවක් පමණක් නොව සමෘද්ධි සහ සහනාධාර පවා අහිමි වී ගොස් තිබෙන බව අපහට දැනගන්නට ලැබිණි.
තම දරැ දෙදෙනා සමඟ කුසගින්නේ හෝ වැටී නිදාගන්නට ආරක්ෂිත නිෙවසක් නොමැති තැන අවසානයේ එම අසරණ පුවල තමන් ජීවනෝපාය මාර්ගය සලසා ගන්නා කිරි ගවයන්ට නවාතැන් දෙන්නට දැකසූ කුඩා ගව හාලේ ස්ථානයක් වෙන්කරගන එහි පදිංචි වූහ. එම ඉඩමද ඔවුන් සතු එකක් නොවන නිසා එම ඉඩම හිමි පාර්ශ්වයෙන්ද ඔවුනට එල්ල වූයේ ඉතා බරපතළ අසාධාරණයකි.
ඔවුන් පදිංචි ඉඩමෙන් ඉවත්වන ලෙස ඉඩම හිමි ඥාති පාර්ශ්වය ඔවුනට බලපෑම් එල්ල කිරීම නිසා උපාධිධාරිනියත් සැමියාත් දරැ දෙදෙනා සමඟ තමා තව තවත් අසරණ වූ බව ඔවුහු අප හා පැවසූහ.
කිරිගවයන් දෙදෙනකු ඇතිකරගනිමින් ඔවුන්ගෙන් දිනකට ලබාගන්නා ලීටර් පහ (05) විකුණා යන්තම් තම දරැ දෙදෙනාගේ කුස පුරවන මේ අහිංසක අඹු සැමි යුවළට ඉඳහිට පිහිට වී ඇත්තේ ඔවුන්ගේ සහෝදර සහෝදරියන් බවද හෙළිවිය.
ගලහ ශ්‍රී පුෂ්පඥාන දහම් පාසලේ සහ උඩදෙල්තොට ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ දරැ දැරියන්ට ස්වේඡාවෙන් උගන්වන දහම් පාසල් ගුරැවරියක් වශයෙන්ද ඇය සමාජ සත්කාරයේ යෙදි සිටී. දහම් පාසල් ගුරැවරියක් ලෙස ඇය සතු පළපුරැද්ද මතම ඇයට ගුරැ පත්වීමක් හිමිවිය යුතු වුවද ඇයට දේශපාලන අධිකාරියේ සබඳතා එතරම් ප්‍රබල ලෙස නොතිබූ බැවින් රජයේ උපාධිධාරි ගුරැ පත්වීමක් හෝ ලබාගැනීමට ඇයට අවස්ථාව අහිමි වී ඇති බව පෙනෙන්නට තිබේ.
වතු කම්කරැවන් වූ මව්පියන්ට එතරම් ආර්ථික තත්ත්වයක් නොමැති වීම නිසාම ඔවුන් තව තවත් අසරණ තත්ත්වයකට පත්වන්නට ඇත. වතුකම්කරැ නායකයන් යැයි කියාගන්නා අයවලුන්ට ද මේ රුකියා ලබාදීමට වෙහෙසෙන්නට වේලාවක් නැතිබව උපාධි සහතිකය කවරයක බහා ගව ගාලේ බිත්තියේ කොනක එල්ල තබා ආණ්ඩුවේ රුකියාවක් අද ලැබෙයි හෙට ලැබෙයි යන අපේක්ෂාවෙන් පසුවන නවෝදනීලාගෙන් හෙළිවන කතාවයි.
මධ්‍යම පළාතේ පඳුරැ ගණනට ආණ්ඩුවේ බලගතු දේශපාලන අධිකාරියක් සිටියදී වසර ගණනාවක් උපාධි සහතිකය ළඟ තබාගෙන හරක් ගාලක සුසුම් හෙළන &නවෝදනී* පිළිබඳව රටම දැනගත්තේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ පෑන් තුඩින් මුද්‍රිත මාධ්‍ය ආයතනයක් ඔස්සේ රටට තොරතුරැ යොමු කිරීමත් සමඟය.
විජය පුවත්පත් ආයතනයේ සහෝදර &ලංකාදීප* පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන සෙනරත් බණ්ඩාර සැතපුම් ගණනාවක දුෂ්කර ප්‍රදේශයකට ගොස් ගලහ බෙල්වුඩ් ජනපදයේ අංක 80 දරන ලිපිනයේ කුඩා ගවගාලක පදිංචි වී සිටි අසරණ පවුල පිළිබඳව සොයා බලා කළ හෙළිදරව්ව නොවන්නට මේ කතාව තවමත් රටම නොදන්නා කතාවකි.
නවෝදනී පිළිබඳ පුවත කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇයට සිදුව ඇති අසාධාරණය නිවැරදිකොට සාධාරණයක් ඉටුකරදීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වී ඔවුන් සියලු දෙනාට පළාත් ආණ්ඩුකාර කාර්යාලට පැමිණෙන ලෙස දන්වා තිබිණි. ජනාධිපතිවරයාටද දන්වා නවෝදනී එළඹෙන 2017 වසරේදී මධ්‍යම පළාත් රාජ්‍ය සේවය තුළින් උපාධිධාරින්ට රුකියා ලබාදෙන වැඩසටහනට ඇතුළත් කර රජයේ රුකියාවක් ලබාදීමට පියවර ගන්නා බව ඇය සඳහන් කරයි.
තමන්ට පිහිටවීම පිළිබඳ නවෝදනී මහත්මිය පළාත් ආණ්ඩුකාරවරියට හා ඇය පිළිබඳව හෙළිකළ මාධ්‍යවේදීන්ටද ස්තූතිය පුද කළාය.
කතාව හා ෙස්යාරෑ - ජේ.ඒ.එල්. ජයසිංහ